ගී පද
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගබපන්නට බැරිව ගතවුනා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ
“ආ“ යන්නෙන් මා පැතු ආදරේ
“ද“ යනු ගිනිතියලා දව දවා ගින්දරේ
“ර“ යනු රන් බැවින් සවන් යුග වසා
“ය“ යනු කීවේ යන්න ඔබ හැර
අකුරු සතරකි ....
“වි“ යනු වියෝගේ මැව්වා සිතේ
“වා“ යනු වාවන්නට පෙළඹුවා නිරතුරු
“හ“ යනු හසරැලි නගන්නෙමි කියා
“ය“ යනු යලි කීවේ එන්න ඔබ කරා
අකුරු සතරකි .... //