අක්කේ අක්කේ අර බලන්නකෝakkee akkee ara balannakoo

Akke Akke Ara Balannakao

ගී පද

අක්කේ අක්කේ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්නේ

සුළං තදයි
විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහා වළාකුලක් මේ එන්නේ

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ.....//
අම්මත් අර නාගෙන එන්නේ.....//
මල්ලි තවම කුඹුරේ......//

සුළං තදයි......

නංගි සුදෝ මගෙ අඬන්නෙපා
අම්මා හනික දැන් එයි....//
බිල්ලෝ නොවෙයි ඔය ගොරවන්නේ.....//
අහසේ හෙණ නාදේ.....

සුළං තදයි........

අක්කේ දර ටික ගෙට ගනිමූ
වැහි පොද වැටෙනවනේ.....//
වතුරත් ඉවරයි කළ ගෙඩියේ.....//
හනික ළිඳට යමුකෝ......//

සුළං තදයි.......

අක්කේ අක්කේ.......