අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේakiikarudha obee sithath weralee peralena rala waagee

Akikaruda Obe Sitath Werale Peralena Rala Wage

ගී පද

අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළගක් වාගේ
ඒ සුළගේ පාව යන්න 
වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට
ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගිනි දැල් නිවාලන්න 
ඒ සුළඟම විවරණ දේවී

වෙරළේ රළ සැඩ වුවොත්
ඔරුකඳ කණපිට පෙරලේවී
නිසල උනොත් ඒ දියකඳ
සුවසේ අප මෙගොඩ කරවී