අකීකරු හිමියනේ මවක් සේ රකිමි ඔබakiikaru himiyanee mawak see rakimi oba

Akikaru Himiyane

ගී පද

අකීකරු හිමියනේ
මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

මධු මතින් ගත රැදුණු
නෙතු යුගල මට දෙන්න..
සෙහෙහසේ සිහිල් නිල්
දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ...

බඹර හිස සතපන්න
හද යහන සදන්නට
ප් ‍රේමයේ නාමයෙන්
මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ...

මධු විතින් නොනිමි දුක්
කුණාටුව මට දෙන්න
යලිදු හෙට උදෑසන
මලක් සේ පිබිදෙන්න
අකීකරු හිමියනේ...

මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...