ආකාශ වස්තුවaakaasha wasthuwa

Akasha Wasthuwa

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

ගී පද

මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

ඔයයි මගේ වල්ගා තරුව
මා අහසේ පෑයූ එලිය
ආදරේටනේ ඔච්චමක් නේ කලේ
පිටසාක්වල රෝස කැකුල

දුෂ්කරයි පුතේ 

(අහස් මාලිගා 
අපි තනපු කාලේ කෝ මා කෙල්ලේ  
ටිකක් රෑ උනාම 
දොර වහලා මොකද මාලිගාවේ...//)

මාගේ නීල දූම කේතුව 
තරහා ගියාම උල්කාපාතය 
ඔහ් මාගේ නීල දූම කේතුව 
තරහා ගියාම උල්කාපාතය

ඔයා බනිද්දි කනට මිහිරි 
රවද්දි හුරුබුහුටි 
ටිකයිනෙ සැර කලේ 
ඇයි මවෙත විසි කලේ 
පාවෙන පීරිසිය 

(මාස් පඩියකින් අපි දහස් ගණන් හීන මැව්වෙ 
පාන් ගෙඩියකින් candle light dinner සිරිය මැවුනේ...//)

ඉස්සර සිහි කර සැර කතා කියන්නේ 
මම වෙනස් වෙලාලුනේ හයියෝ නහයෙන් හඬන්නේ 
දුක සැප දෙක බෙදන් රකිමු සතුට කැදැල්ලේ 
කෙල්ලේ මොනවා වුනත් ගහන්නේ බැඳ ගත්ත බෙරේ නේ 

මාගේ ආකාශ වස්තුව....
ඔයයි මගේ වල්ගා තරුව....

මාගේ මෝඩ ස්වාමිපුරුෂය 
ගොන් ජෝක් හින්දා කෝපය 
ඇඟේ මාළු නැටෙව්වේ 
මාව අල්ලේ නැටෙව්වේ 
හදා ගන්නනේ මැට්ටෝ බනින්නේ 
මගේ අත ගත්ත බබා තොත්ත 
 
දුෂ්කරයි පුතේ...
පිටසාක්වල රෝස කැකුල...