ආකාසේ රැස් විහිදාaakaasee raes wihidhaa

Akase Ras Wihida

ගී පද

ආකාසේ  රැස් විහිදා ඉර පායා එන්නේ
හඳහාමි රන් තැටියේ කිරි පැණියි දෙන්නේ
අපි වාගේ පුංචි ළමුන්ටයි // හ්ම්   ම්

පුංචි පුංචි සමනළ්ලු ගෙයි මිදුලට එන්නේ
ඈත මෑත මල් පිපිලා සුවඳ විහිදුවන්නේ
පාට පාට ගෑවෙන්නේ ලස්සන දේදුන්නේ
රෑට රෑට දිලිසි දිලිසි තරු වැල් බැබළෙන්නේ
අපි වාගේ පුගේ පුංචි ළමුන්ටයි //

රංචු වරංචු කුරුලු පැටව් කිචි බිචි හඬ දෙන්නේ
ඩිංගි  ඩිංග ඤාව් ඤාව් ගගා පූසි ළංවෙන්නේ
චූටි චූටි බලු කුක්කා වලිගෙ වනා එන්නේ
හිංපචි පිංචි වහු පැටියා  උම්බෑ කියන්නේ
අපි වාගේ පුංචි ළමුන්ටයි //