ආකාසෙ දඟ පානaakaase dhanga paana

Akase Daga Pana

ගී පද

ආකාසෙ දඟ පාන සඳ පායලා 
මා ගාව පෙම පෑව නුඹ මා සොයා 
ඒ හීන නෙතු ගාව රඳවා තියා 
ඈ යාවි දුර මාව අඳුරේ දමා 
මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා

මැව්වාට අපි හීන නොදැනී ඔයා 
හැමදාම මගෙ හීනෙ නුඹ දෝ ගියා 
නොසිතාම දුර යාවි හිත පාරවා 
මගෙ හීනෙ කඳුලේම රඳවා තියා

ආකාසෙ දඟ පාන සඳ පායලා....

මදහාස නුඹ පෑව නෙතු යා වෙලා 
මනහාර පෙම ගාව රැඳුනේ ඔයා 
නොරැඳීම ලඟ පාත හිත පාරවා 
සඳ සේම සැනසේද ලඳුනේ ඔයා 

ආකාසෙ දඟ පාන සඳ පායලා....