ගී පද

අකලට වට මහ වරුසාවක් සේ 
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ 
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ 

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ 
සතු‍ටු කඳුලු නුවනත සිඳුනාදෝ 
ආදර අතීත නටඹුන් අතරේ 
මන්දිර මැව්වාදෝ 

සොවක් නැතේ නොසිතනු මැන සංකා 
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමිවුන මා දැන් ‍රැජිනකි 
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිලිතුරු දෙන්නම්
ලඟකදි ලබන දිනේ