ගී පද
දිය යටින් ගින්දරක්
අරන් යන ලෝකයක්
ගැන අසා ඇති නමුත්
විශ්වාසය නෑ තිබිලා
ඔබේ අමුතු රඟපෑම
එය නොදැන හරියටම
පාඩමක් කල ඔබට
බොහොම ස්තූතියි
අයිතිය කිව හැකි කිසිත් නැත
එයයි ලෝකයේ ස්වභාව
අහිමි දේවල් කරලා පසකට
නිහඬ වීමයි පිළිතුර....//
අතේ ඇඟිලි පහ අපේ
නෑ නේද එක වගේ
ඉතින් මිනිස්සු ඒ වගේ
හරි වෙනස් ලෝකයේ
පණ උනත් කවදාහරි
නැතිවෙලා යන දෙයක්
මට පුදුම තව දෙයක්
ඔබ හිතට එන කෙනෙක්
අයිතිය කිව හැකි කිසිත් නැත....//
දෙන්න බෑ තව සමා
හැමදේම ඇතිවෙලා
හිතුව තරමට ඔයා
සැබෑවක් නෑ වෙලා
පණ උනත් කවදාහරි....
දිය යටින් ගින්දරක්....
ඔබේ අමුතු රඟපෑම....
අයිතිය කිව හැකි කිසිත් නැත....//