ගී පද
ආදරෙන් මගේ තුරුලේ වෙලීලා එදා
ආදරේ පැවසුවේ මගේ කනට කොඳුරා ඔයා
පෙම් කෙරුවේ මගේ පපුවේ ඔබේ හිස තබා
ආදරෙන් හැමදාම ඉන්නම් කියා
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......
මා ළඟින් හැමදාම ඉන්නම් කියා
ජීවිතෙන් සමු අරන් ඔබ ඈතට ගියා
වැටෙනා කඳුලට පවා සිහිවන්නේ ඔබවයි සදා
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......
මා ඔබේ සොහොනට ආවා අදත්
කෝ ඔයා හැමදාම සෙව්වා මෙමා
සිටිනා මේ මොහොතේදි පෙනුනේ ඔබේ රූපෙමයි
ඇයි ගියේ හැරදමා මාව මේ ලෝකයෙන්
තනිවෙලා හඬනවා නෙතු මගේ සෑමදා......
ආදරෙන් මගේ.....