අහිමි ඔබ මටahimi oba mata

Ahimi Oba Mata

සංගීතය:
දිනේෂ් අමිලdhineesh amila
පද රචනය:
බුද්ධික වර්ණකුලbudhdhhika warnakula

ගී පද

අහිමි ඔබ මට දිවි වෙලා ගෙවන මේ ජීවිතේ
කෙළවරක් නෑ කොහොම දරන්නද 
ඔබ වෙනකුගෙයි කියලා හිතුවේ නෑ මා එදා
ආදරේ පෙන්නලා මට සෙනෙහේ සුව මගේ විඳලා
වැරදි කෙරුවේ අපිම තමයි අසම්මතේකට බැඳිලා
අපිට අපි ඕනා නිසා........

මට උරුම දුක විඳවමි ඔබව යළි හමුවෙනවා නම්
සසරේ බැඳුනේ ඇයිද මෙලෙස නිහඬ නෙතු වල තතු කියා
මටම හිමි නොවනා ඔබව හිමි වෙලා......

අහිමි ඔබ මට........

නීල නෙතු ඔබේ රන්දලා රහස මට කියලා ගියා
ඉපදෙනා හැම භවයේදි මම පතමි ඔබේ වෙන්නම සදා
මෙලෙස අපි වෙන් වීළා ගියා ඔබව අහිමි වීලා......
 
අහිමි ඔබ මට........