ඇහි දාර මත දුක දෝරෙ ගැලුවටaehi dhaara matha dhuka dhoore gaeluwata

Ahi Dara Matha

ගී පද

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා //

කවියක් වාගේ ජීවත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පද වැල් එළි වැටේ
ළඟම නතර වෙලා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට...

හිතුවත් ගලන ගඟ සේ ඉන්න
බාධා අතැරලා ගලන
ආදර කතරෙදි
හිඳිලා ගියා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... //