ගී පද
ඇහැලේපොළගේ පුංචි පුතා
මද්දුම බණ්ඩාර යන නාමේ//
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා
බෝගම්බර නුවර වැවේ හැම වැලි ඇටයක් පවා
ආඩම්බර කඳුළුවලින් - අප ශෝකය නිවනවා//
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කලා
හිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා
මම අයියණ්ඩියේ කියා....
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බියවී අයියා - අම්මා ළඟට පැන ගියා
ඒ රජාගේ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා....
මද්දුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියට දා කොටන්න ඒ ඒ රජිදා අණ කළා
එහෙම හිතක් එහෙම තැනක් ඉතිහාසය නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිහි වුණේ
පුංචි පුතෙක් බිහි වුණේ.....