ගී පද
අහසින් පොළවට කඩා වැටිලද
අම්මා තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගේ පුංචි දුවේ
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවොත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාත කිවසයි පය බැඳුණේ
අහසින් පොළවට ......
ගෙනත් දෙතිය රස මසවුලු මවුවරු
දරුවනි ඉන් නුඹේ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹේ මව් ලැමදේ කිරි එරුණේ
අහසින් පොළවට ......