අහසින් එහා තරු මං දිගේahasin ehaa tharu man dhigee

Ahasin Eha Tharu

ගී පද

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..

සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ..
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ..
දවසක ඉතින් කිරුලක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්..
හිත කළඹින් හැඟුමන් එඹී
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්..

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..