ගී පද
චිත්‍රපටය: ආදරණීය කතාවක් (2016)
අහසින් එහා තරුමන් දිගේ
පියඹන්න දැන් විහගෙකු ලෙසින්
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්
හිත කළඹමින් හැඟුමන් ඇදී
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුනු ලෙසින්
අද ගී පොතේ...
සත්සර නැගී.... ඒ ආදරේ...
සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ
දවසක උතුම් කිරුළක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්
හිත කළඹමින් හැඟුමන් ඇදී
ඔච්චම් කලේ කවදාක හෝ
නොදැනුනු ලෙසින්.....
අහසින් එහා....