අහසේ පොළවේ සාගරෙahasee polawee saagare

Ahase Polawe Sagare

ගී පද

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ 
හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ
එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්ෂා කල විරුවන් වේ

මේ ජාතික ජීවේ සාමය වන්නේ සැම සිත් වන්නයි 
ඒ මා හැඟිතාවේ මතු කියැවෙන්නේ සෙබලුන් හින්දයි
අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී

අහසේ පොළවේ...

ලෝ පූජිත නාමේ මේ ලක්‌ දෙරනේ රැව්පිලි රැව්දේ
ඒ දෑ අනුරාගේ අභීත නාදේ සෙබලුන් නංවයි 
අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී

අහසේ පොළවේ...