අහස වසා (සඳක් නෑ මනරම්)ahasa wasaa (sandak nae manaram)

Ahasa Wasa (Sandak Na Manaram)

ගී පද

අහස වසා සුදු සඳ දිලෙනා
ලොව නහවා සඳ රැස් දහරා
ලුම්බිණි උයනේ සල්මල් අතරේ
තවත් මලක් පිපුණා
දෙව් බඹ සේනා මල් වැසි වස්සා
සාදු නාද නැගුවා ....සාදු නාද නැගුවා

(සඳක් නෑ මනරම්
වෙසක් රෑ පෑයූ තරම්)...//

ගයා බිමේ සුදු වැලි මළුවේ
බෝපත් සෙවන ලබා
මරණය පරදා මිනිසා දිනූ දා
බුදු හඬ ලොව නැගුනා

(සඳක් නෑ මනරම්
වෙසක් රෑ පෑයූ තරම්)...//

මලක් වගේ පරවී වියැකෙන හැටි
කුසිනාරා සල් තුරු අතරේ
ලොවට කියා දී පිරිනිවනට වැඩි
බුදු හිමි වඳිමි සදා .... බුදු හිමි වඳිමි සදා