අහස කිසිදා නපුරු වී නැතahasa kisidhaa napuru wii naetha

Ahasa Kisida Napuru Wii Natha

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

ගී පද

අහස කිසිදා නපුරු වී නැත
කලට වැසි දිය සොඳින් වස්සන
පොලොව කිසිදා රුදුරු වී නැත
නිලන තුරුලිය මලින් සරසන

පුලුටු කළු දුම් ඇදේ ඉහලට
කිළුටු දූවිලි වැසේ වාතල
නපුරු වූයේ කවුද අහසට
දයාවක් නැති මිනිසුනේ

අහස කිසිදා ....

ගලන ඇල දොළ විලාපය මැද
රුසිරු වනලිය බිම දිගා වෙන
නපුරු වූයේ කවුද පොලොවට
දයාවක් නැති මිනිසුනේ

අහස කිසිදා ....