ගී පද
අහස ඉරි තැලුනා
තරු පොකුරු හැලුනා
සඳට දුක හිතුනා
හද පතුල රිදුනා
සයුර ඉකිබින්දා
රළට දුක රන්දා
මගේ පැතුම් රුවල බිඳී
අතර මඟ ගොළු වුණා
අහස ඉරි ....
දිලි දිලී නිවුණා
නිවි නිවී දිලුණා
පහන් වැටේ දැල්වූ පහන්
උපන් ගෙයි මියැදුනා
අහස ඉරි ....