අහස් ගැඹේ තරු කැට ගානේahas gaembee tharu kaeta gaanee

Ahas Gabe Tharu Kata Gaane

ගී පද

අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ..//
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරුකැට...

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..//
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරු කැට...