අහන්න රත්තරනේahanna raththaranee

Ahanna Raththarane

සංගීතය:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
පද රචනය:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

ගී පද

දුක සැප එක නූලේ අමුණාගෙන අපි ආවේ
වෙන් වෙලා යන්නමනේ කටයුතු ඔබ කෙරුවේ
වේදනා තිබුණාවේ විඳවාලා මැරුණාවේ
ඒ තමයි මගේ උරුමේ දෛවයේ ලියවුණු දේ
(අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු 
මමයි තියං හිටියේ....//)

ලේ වලින් මං ලියාලා දෙන්නම් ආදරේ තරම
කාලයක් ගත වීලා යද්දී තේරේවි ඇත්ත
නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක
(අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු 
මමයි තියං හිටියේ....//)

කව්රු ඉස්සර වෙයිද කියාලා දන්නේ නෑ අපිම
අන්තිම මොහොතෙත් මං හිත්න්නේ ඔයා ගැනම
නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක....

දුක සැප එක නූලේ....