අහන්න මගෙ හොඳ පුංචි පුතේahanna mage honda punchi puthee

Ahanna Mage Honda Punchi Puthe

ගී පද

(අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ...//)

(වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ...//)
එපා නමන්නට අයුක්තියට හිස
(යුතුකම සුරකිනු පණ වාගේ...//)

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ

(ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී...//)
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
(මැරෙන්න ලක්දිව දෙසට හැරී...//)

(අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ...//)