ගී පද
අහං ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා //
ලය පුරා නෙකනෙක පාටින්
මුතු මල් පෙති ඇහිරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා ඒ සුවඳින්ම
ගේ හුස්ම රටා මවනවා
අහං ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා
සිලිසිලියේ හමන සුළග
කොදුරන්නේ අපටමයි
සතුටමිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි
අහං ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා