ඇහැලිය මලaehaeliya mala

Ahaliya Mala

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

ගී පද

මගේ තරමට නුඹේ ලඟ නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති හවසක නිහඬව හැඬුවා
ඇහැලිය මල මම මද සුලඟට වුව සැලෙනා
නුඹ සැඩ සුලඟකි මග එන බව දැන සිටියා

හද හඬනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මැද දැවුනා
රැය නොනිදා නිදි වැරුවා
ඉකි බිඳුනා

නිහඬ වුනා රෑ නුඹ අමතා
නුඹගෙ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඬ ඇසිලා
හිත රිදුනා

හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව

දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැරිලා මං ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

රෝස තුඩක් වගේ
තියුනු බවින් හෙබි 
ආදරේ කියන්නේ අමුතු විසක්

රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක්ය අද තමා සිහිවුනේ
අතින් ගිලිහුනු

දෑසින් රූරා වැටෙන්නෙ කඳුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක්
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

හද හඬනා පැය....

නිහඬ වුනා රෑ නුඹ....

දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක්ව ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න සමු 
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි

සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේ පාරක් හිත කියන්නේ කුමක්
දැන් පතන්නේ නුඹෙන් මා තොරවූ ලොවක්

හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිඳි නැසුනත්
දෛවය සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන

ලං වෙන්න ලං වෙන්න මං දැක්කේවෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග නැවතීය
අපේ පටුනෙන් ඇරඹී පිටුවෙන් පිටුව සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ නිමවීය නොදැනීම

මගේ තරමට නුඹේ ලඟ නැති....