අහල පහල යහළුahala pahala yahalu

Ahala Pahala Yahalu

ගී පද

අහල පහල යහළු යෙහෙළියන් එක් කරන් 
නාට්‍යයක් නටමුද දොං දොංත දොං
අවසර පත් නෑ දර්ශන නොමිලේ 
වේදිකාව නම් ගෙයි මැද සාලේ...//

නරඹන්නන් විත් සතුටු වුණොත් හැම 
තෑගී දුන්නෝතින් ආසයි අපි සැම 
කොස් කොළ ඔටුනුද හිස පළඳනවා 
සිංහාසනයේ මල් සරසනවා...//

අහල පහල...

රජ කතාවකුත් ඕං නටන්නේ 
එදා තමා මං මහරජ වෙන්නේ 
ලී කඩු හෙම ගෙන තේජස් පාලා 
එදාට පෙන්වමි රජ සිරි ලීලා...//

අහල පහල...