ගී පද
අහක බැලුවෙ ඇයි අත පා කලටා
අහන්නෙපා මුව ගොළු වෙනවා
සාක්කු පල්ලෙට රිංගු මා හිත
ඔබට වඩා අසරණ වෙනවා
දූ දරු දන් දුන් වෙසතුරු සිරිතේ
පාරමිතා අමතකව ලොවේ
හෙට පමණයි දන් දෙන්නට ඇත්තේ
එයිනිදු කුසගිනි නිවිය නොදේ
අහක බැලුවෙ ඇයි....
ඉපදුණ දා සිට කඳකිලි සිඳගත්
මිනිස්කමේ ගිජුවට වපුරා
කෙදිනක ලබමුද සම අස්වැන්නක්
යදින නොයදිනා වෙනස මකා
අහක බැලුවෙ ඇයි...