අඳුරේ ගිලී තනි වීලා මෙසේanduree gilii thani wiilaa mesee

Adure Gili Thani Wila

ගී පද

අඳුරේ ගිලී තනි වීලා මෙසේ 
නාඩන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතීතේ එදා 
බිඳුනාට මණි මේඛලා 
පිළිගන්නේ මා නුඹ සීතාව සේ 
හද මන්දිරේ සරසලා

අඳුරේ ගිලී ................

ගංගා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා 
සැඩ මාරුතේ රැළි හමා
නළලේ නුබේ ඇත්ත තිලකේ පවා 
කියාවි මගේ ප් ‍රාර්ථනා

ප් ‍රේමේ නුරා වසන්තේ ගෙනා 
පින්සාර ළඳ නුඹ නිසා
පිළිගන්නේ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ඔය දෑස යාවි මන බන්දනා 
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ළයේ සැතපිලා..
නව සඳ දිහා බල බලා 
භාවයෙන් භවේ ඉන්න මතු ඉපදිලා 
සංසාර පතිනිය වෙලා

ප් ‍රේමේ නුරා.................//