අඩු කුලේ කියාලාadu kule kiyaalaa

Adu Kule Kiyala

ගී පද

(අඩු කුලේ කියාලා අසරණයා 
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ 
නොම වේ බමුණා හෝ වසලයා....//)

(පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ....//)
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙද මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....

(එක ලේ මස නහරින් බැඳුනු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ......//)
අවසානෙහිදී මරු සමඟ ඇ‍ඳේ 
මෙය නොදැන සිටින්නේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....

අඩු කුලේ කියාලා අසරණයා 
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ 
නොම වේ බමුණා හෝ වසලයා...