අඩු කලේadu kalee

Adu Kale

පද රචනය:
එම් ඩබ්ලියු එන් එස් විජයසිරිem dabliyu en es wijayasiri

ගී පද

අඩු කලේ සෙලවීම නිසා 
එහි අඩුකම පාවී
කොවුලෙකුගේ රූපය කපුටා 
නාදෙන් හදුනා වී....

උගතට ගැරහීම නිසා 
මෝඩයගේ ගති තේරේ
සොඳට ජලේ පිරුණ කලේ 
නැත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....

කොකාගෙ යස සුද පෙනෙන්නේ 
යන විට ඉගිළීලා
ලොවේ අනගි සතර ඉගෙන 
සදේ මැණික සේමා....

තැනට ඔබින වචන මිසක 
වැදි බස නැත පඬි දනගේ
සොඳට ජලේ පිරුණු කලේ 
නිත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....