අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑසadi siiyee paara gaawa dhutuwaa numbee niila dhaesa

Adi Seeye Para Gawa

ගී පද

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගේ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී...

සසර පුරා ඔබව සොයා ආවා වගේ දැනෙන්නේ
ආලනුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යන විට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා.. කියන්න කැමතිද කියලා..
රන් සඳ වැනි පින් කද මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින් කද මගෙ නෙළුම් පොඩිත්තී...

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී...

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැදවාලා

බලන්න හඳහන් ගලපා.. කියන්න කැමතිද කියලා..
රන් සඳ වැනි පින් කද මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින් කද මගෙ නෙළුම් පොඩිත්තී..

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගේ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී..

සසර පුරා ඔබව සොයා ආවා වගේ දැනෙන්නේ
ආලනුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී