අඩි ගානක් වලක් කපලාadi gaanak walak kapalaa

Adi Ganak Walak Kapala

ගී පද

අඩි ගානක් වලක් කපලා//
අඩි ගානක් අනුන් හෙළලා 
අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ…
අනුන්ට කැපූ වලේ වැටෙන්නේ නුඹයි බොලේ…//

අඩි ගානක් වලක් කපලා//
අඩි ගානක් අනුන් හෙළලා
අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ…

උගුල් ඇදලා අගුල් දාලා මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරුවෙන්මයි බොරුවෙන් ජය ලබනු බෑ 
ඒවා තාවකාලිකයි…

අඩි ගානක් වලක්…

ලණු ඇදලා මග අහුරා කෙනකු බිමට දමනු බෑ
හැමදාමත් හැමෙකනාම බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන්බොරු මහ බොරුවට ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි…

අඩි ගානක් වලක්…