ගී පද
(අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා...//)
(තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ...//)
මහමෙවුනා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින්....
පිරී ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
(මහමෙවුනා උයනේ
සමාධි බුදු පිළිමේ...//)
අඩවන් වූ දෙනෙතින්....//