අඩවන් දෑසින්adawan dhaesin

Adawan Daasin

සංගීතය:
සෝමදාස ඇල්විටිගලsoomadhaasa aelwitigala
පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)

(පමා වෙවී හිඳිනට  නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි..//)
(සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා..//)
මීවිත උතුරා යයි උතුරා

(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)

අවුල් දුහුල් වල සිහිල් පහස් වැද
නගනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
(රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ..//)
හෙට දින එය මිය යයි මිය යයි

(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)