ආදරියේ (ඔය දෑස කී කතාවේ)aadhariyee (oya dhaesa kii kathaawee)

Adariye (Oya Desa Kee Kathawe)

සංගීතය:
ට්‍රිෂාන් බදුගේtrishaan badhugee
පද රචනය:
ෂෙහාන් අන්ජුකshehaan anjuka

ගී පද

ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ 
රැඳුනා මගේ ආදරේ 
සිත නතර කළ සිනාවේ තොල් අතර රැඳි දයාවේ 
බැඳුනා මට ආදරේ......

නොහැඟේවී නම් මගේ ආදරේ 
තනිවෙන්නම් පෙර වගේ
හිමිවේවි නම් ඔබේ ආදරේ 
රැකගන්නම් පණ වගේ
ආදරියේ..... ආදරියේ.....

සිතාගන්නට බැරි තරම් මම ඔබට හිත පිදුවා
සිතාගන්නට බැහැ තවත් මට ලොවක් ඔබ නැතිවා
හිමි නැතත් තව ළඟින් ඉන්නට කියා සිත කීවා
හිමි නැතත් ඔබ මා පතන්නේ ආදරේ හින්දා......

නොහැඟේවී නම්......

ළඟ නැතත් මගේ ළඟට ගන්නට සිතින් මා පැතුවා
ළඟ ඇතත් ඔබ සිතින් මා ළඟ හිඳිවිද සිතුණා
නුඹ ගියත් දුර ඈතකට හෙට මාව හැර දමලා
නුඹ නැතත් ළඟ මා පතන්නේ ඔබේ පෙම් සැමදා......

නොහැඟේවී නම්......

ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ 
රැඳුනා මගේ ආදරේ........