ආදරෙන් (ලංවෙන්න හිතුවාට)aadharen (lanwenna hithuwaata)

Adaren (Lanwenna Hithuwata)

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
දෙනුවන් පෙරේරාdhenuwan pereeraa

ගී පද

ලංවෙන්න හිතුවාට හොරැහින් බලා
සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා
නුඹ ගාව මං සතපවා...
සිප ගන්න තුරුලේ හොවා
ආදරෙන් ජීවිතය ගීයක් වෙලා
(ඔබ ගාව මා ඉන්නවා...//)
ආදරෙන් ආදරෙන් හදින් 
ආදරෙන් ඔබ ළඟින් ආදරෙන්...

දැනුණු ඒ ආලේ පිළිගන්න වාගේ 
මල් යාය නම් හැඩවෙලා
දේදුන්න වාගේ නෙක වර්ණ 
හීනේ දැක ගන්න නිදිවර වෙලා
ඇස් පියන් මත රැඳි හිත පුරා සුවඳ දී
ඉන්නම්ද ඔබ එනතුරා
සුසුම් පවනින් හදේ මකන්නම් දුක් ඔබේ
(ජීවිතය සුන්දර වෙලා...//)

ලංවෙන්න හිතුවාට...