ආදරෙයි මංaadhareyi man

Adarei Man

සංගීතය:
මල්කා මල්වාරmalkaa malwaara
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයටවත් ඔයා දැන් නාවත් 
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් 
මතක් වෙන්නේ ඔයාවයි තාමත් 
ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයටවත් ඔයා දැන් නාවත්......

ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා දෑස හඬයි තනිවීලා.....

ආදරෙයි මං ඔය හිතට......

වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නෙ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ළඟින් නැති හින්දා දෑස හඬයි තනිවීලා.....

ආදරෙයි මං ඔය හිතට.......