ආදරේ වේදනාaadharee weedhanaa

Adare Wedana

ගී පද

ආදරේ වේදනා මහද රිදවූ තරම්
තව තවත් ආදරෙන් මහද ළං වූ තරම්
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්
ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම්

ඔබ නොදනී මා නෙතු හැඬූ තරම්
ඔබ නොදනී සුසුම් හෙළු තරම්
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්

තනිකරදා නුඹ දුර ලොවක ගියා
මතක මවා යළි නෙතු බොඳව ගියා //
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්

ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම්