ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාaadharee tharam kiyaa ganna baeri wuu nisaa

Adare Tharam Kiya Ganna Bari Wu Nisa

ගී පද

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දහසක් පැතුමි මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාමනොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා
 
ආදරේ තරම් ....