ආදරේ සංවේදනාaadharee sanweedhanaa

Adare Sanwedana

ගී පද

ආදරේ සංවේදනා - මා ලයේ තැන්පත් වෙලා
වෙන්වුනේ ඔබ ඇයි කියා - හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා - දැන් වෙනස් වී ඇති නිසා
මං එවූ පණිවුඩ පවා - දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ - පෙරවගේ ආදරේ
නැතිනම් මොකද්දෝ කාරණේ

කල්පනාවන් හිත පිරීලා 
පරණ දේවල් මතක් වෙන්නේ
පුංචි දේටත් රණ්ඩු වීලා 
ආයේ මා හා හිනැහුනා

ගෙවා ගන්න බෑ දැන් කාලේ
නිමාවෙන්නේ නෑ දුක මාගේ
තාම ආදරේනම් දැනෙනවා
ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා

ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම්යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකථනේ
තාම බලනවා හැමතිස්සේ//

දුන්නු සෙනෙහෙ අඩුද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ
තනිවුනත් මා රැවටුනත් මා 
පැරදුනේ නෑ වැරදුනා

හදාගන්න ඉදිරිය මාගේ
අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියාලා තේරුනා හෝ
ඔබේ සතුට සැමදා පතනවා

ආදරේ සංවේදනා