ආදරේ රන් බිඟුන් නැසූaadharee ran bingun naesuu

Adare Ran Bingun Nesu

ගී පද

(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ)...//

(ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිගුව මුවන් නැසූ)...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ

(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ)...//

(රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ)...//
ලෙවන් කීවත් ලඳේ එසේ
‍සුපුන් සඳ ඔබ තමයි මගේ

(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ)...//
(කපුරු මල ‍ඔබ තමයි ලඳේ)...///