ආදරේ පවසලාaadharee pawasalaa

Adare Pawasala

සංගීතය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
පද රචනය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha

ගී පද

ආදරේ පවසලා
ආදරේ නමින් දිව්රලා
නොකියම නොකියම යන්න ගියා
ආදරේන් කී කතා
අද ගොලුවෙලා අද ගොලුවෙලා
නොකියම නොකියම යන්න ගියා
හා... යන්න ගියා හා... යන්න ගියා…..

නෑ හිනා වින්ද කාලයක් හිතට
ඇය නමින් මියදුනා
ඈ ගෙනා හීන සීත ඍතුවක
මිදුමෙන් පැටලුනා
තෙලි තුඩින් ප්‍රේම හදපුරා
ඇදුනු සිතුවමත් බොඳවුනා
ආදරෙන් තෙමුන හිතපුරා ගෙතු
කවි පවා වියලුනා…..

වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගැවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කදුලු
ඇ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක්
අලුත් තනුවකින් ලියවුනා.....

ආදරේ පවසලා......