ආදරේ ඔබේ හදින් පැතූaadharee obee hadhin paethuu

Adare Obe Hadin Pathuu

ගී පද

ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ
නෑ ඔබ නෑ ලගින්
ආදරියේ මා රිදවා ගිහින් 
ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ

රනිල් මාල මුදු තැලි පළදා
අපේ වෙන්න හීන දැක්කා
හීන මැව්වේ මා විතරයි ආදරේ නමින්
ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින්
ආදරේ ඔබේ හදින් පැතූ

හීන අපේ සිඳබිඳ දමලා
දෙනෙත් අගට කඳුලැලි තියලා
අළුත් ලොවක කිරුලු පලදා ඉන්න නුඹ ගිහින්
ඔබේ වෙන්න බෑ ආයෙත් පෙරදා ලෙසින්
ආදරේ ඔබේ හදින් පැතූ
මිරිගුවක් කලේ