ගී පද
ආදරේ මගේ ජීවිතේ නෑ කිසිදා වෙනස් වුණේ
මා සිත කළඹාලා ආදරේ
මට පෙන්වන්න පෙර සේම ආදරේ
(මං තනිව අද විඳින මේ ජීවිතේ
හැඩවෙන්න මට ඕනේ ඔබේ ආදරේ.....//)
මා සිත ඇති වූ කඳුළු ගංගා නිම්නේ
නිමය සොයා මා සිත පියමං කෙරේ
ඔබ නිසා විඳූ දුක් කන්දරා
රැයක් තිස්සේ එයට පිළියම් කරා
ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි
(ඉන්නේ මා තනිවෙලා.....//)
බින්ඳද බොඳ වී ගියා මගේ සිහිනේ
කිමද ඔයා දුර ඈත ගියේ
ඒ නිසා හිතේ දුක්බර වෙලා
වෙන් වී ගියේ ඇයිද මා හඬවලා
ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි
(ඉන්නේ මා තනිවෙලා.....//)
ආදරේ මගේ.....