ආදරේ මදි කමක් දැනෙනවද රත්තරංaadharee madhi kamak dhaenenawadha raththaran

Adare Madikamak

ගී පද

ආදරේ මදි කමක් දැනෙනවද රත්තරං
වේදනා හිර කරන් පෙම් කරා සත්තකින්

සංසාරයේ මතූ දිනෙක හමු වන තුරූ
වදිමි මම නිරතුරූ ලොව් තුරා හිමි බුදු

මගෙ තුරුලෙ සැනසෙන්න මතු දිනෙක නම්
ඉඩ දෙන්නෙ නෑ ඔබට මගෙ රත්තරං//

රැජිනක් වී මගෙ රජ දහනේ
රජ කම් කරනා පෙර දිනයේ
වෙන හිතකට පියමන් කෙරුවේ
ඇයිදෝ මගෙ අග රැජිනියනේ

නුඹටම විතරක් මම පිදුව
පිවිතුරු මගෙ ආදර පහස
ලබා ගන්න බැරි උනෙ ඔබට
පෙර කර ලද අකුසලයකට

සංසාරයේ මතූ.....

හිග කම් තිබුනත් මට නිතර
අඩුවක් කලෙ නෑ මම ඔබට
දුප්පත් මගෙ ආදර හිතට
ඉඩ නැතිදෝ හදවත කොනක

තරහක් නෑ මන් කවදාවත්
වෙන හිතකට පිය මන් කෙරුවත්
ලබා ගන්න යලි හැමදාමත්
නොවෙනස් වන ආදර හැගුමක්

සංසාරයේ මතූ......