ආදරේ කියාaadharee kiyaa

Adare Kiya

සංගීතය:
තනුකthanuka
පද රචනය:
තනුකthanuka

ගී පද

සුරඟනක් සේ මුමුණමින් රැඳිලා සිටියා
රැය පුරා සොඳුරු මතකයන් තැබුවා සැමදා
අඳුරේ සිටින හෝරාවේ රැඳුණේ තුරුලෙහි මාගේ
මා සිතේ ඔබ මැවූ ඒ රූ රටා.....
 
ආදරේ කියා සිත මා ළඟින් තියා 
බැඳි ඒ සෙනේහේ මා සිතේ රැඳුණේ
ආදරේ නිසා ඔබ මගේ කියා දැනුනේ මට දැනුනේ 
සුන්දරයි ජීවිතේ සෑමදා.......

මදනලක් සේ සුවඳ දී රැඳිලා සිටියා
ගිනි වලා අතුරා හොරෙන් හැමුවා දැනුනා
උදයේ මිහිරි ගී නාදේ රැව් දේ උමතු වී වාගේ
මා සිතුම් උඩු සුළඟේ පාවුණා......

ආදරේ කියා......