ආදරේ කරපු සිතaadharee karapu sitha

Adare Karapu Sitha

ගී පද

ආදරේ කරපු සිත අන්සතු වුනා ඉන්පසූ
නිමා වුනත් කම් නෑ ජීවිතේ මා පැතූ
දුක දරාගන්න බැරි වේදැයි සිතේ මින් මතූ
මම කවදාවත් හැඩෙව්වෙ නෑ තාරකා නෙතූ

මගෙ වැලපෙන නෙතු අද්දර සිනා පුබුදුවන්
මට දුන් අත වෙනකෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන්
ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා තෙරෙන්
කොයි අත බැලුවත් පේන්නේ ඔයයි රත්තරන්

ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා
ආදරේ කරපු සිත තනිකර ඈත ඔබ ගියා
විරහා ගින්න ඇවිලෙන හදමඩල ගිනිතියා
ගියත් පතමි ඔබහට වාසනාවන් කියා