ගී පද
ආදරේ අහවරයි මගෙ කඳුළු සාධාරණයි
තියුණු වේදනාහි දැන් ඉතුරු හිස් අත් දෙකයි
ජීවිතේ තිත්ත ඇයි ඔබ කරපු දේවල් නිසයි
නුඹට නම් හරි සැපයි මට යන්න කාලය ලඟයි
(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)
පෑන අරන් අල්ලේ ලිව්ව කුරුටු අතරේ
නොවැරදීම තිබුනා සලකුණක් හදවතේ
පේන හීන ගානේ සිත යැව්ව නිසානේ
සෑම මොහොත පාසා කැප කලේ මා ජීවිතේ
දෙන්නගේ නම් දෙකේ මුලකුරු ඇන්ද රහසේ
පංතියේ බංකුවේ නම් තාම ඇති ආදරේ
(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)
කැඩුනු හිතක් ආයේ තිබුනු ලෙසට නාවේ
පලුදු ඉතුරු වෙනවා කොහොම හැදුවත් අන්තිමේ
දරුණු වෙන්න එලෙසේ කරුණු තිබුනේ නැහැනේ
කලපු වරද කියලා දෙන්න අවසන් තප්පරේ
දෙන්නගේ නම් දෙකේ මුලකුරු ඇන්ද රහසේ
පංතියේ බංකුවේ නම් තාම ඇති ආදරේ
ආදරේ අහවරයි මගෙ කඳුළු......
(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)