ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑaadharayee unusuma langa dhuka dhaenenne nae

Adaraye Unusuma Laga

ගී පද

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා ප් ‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප් ‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

 ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...