ආදරයේ අංශු මාත්‍රයක්aadharayee anshu maathrayak

Adaraye Anshumathrayak

ගී පද

තාරුකා උයනට ඉහල අහසින්
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් ආවා
ආදරයේ සිහින දෙව්දූ
ඔබ ආවා

ව්‍යාකරණ නැති
කිඩී බිඳී විසිර ගිය
භාෂාවක හිර වී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක්
අරන්

ඇහිපිල්ලමකටවත්
අවසරයක් තිබුන් නෑ
හරි හදිස්සිය
ලොබ බැදුනා
අඟුල් වැටී

මායාවයි ඔබ
අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නෑ